Advertise here

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව පැදවූ පුද්ගලයා අත්අඩංගුවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,340 Views

ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව පැදවූ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම එම බෝට්ටුව යාපනය අරාළිතුඩුව මුහුදු තීරයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම බෝට්ටුව ඉෂාරාට ඉන්දියාවට පලායාමට මඟ සැලසූ බව කියන ඒ. ආනන්දන් නමැත්තාට අයත් අශ්වබල 400ක එන්ජිමකින් යුක්ත බෝට්ටුවක් බවට අනාවරණය වී ඇත.

අදාළ සැකකරු සහ මෙම බෝට්ටුව , කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් ආනන්දන් නමැත්තාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්නකිරීමේදී සොයාගැනීමට හැකිවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, යාපනයේ සිට අදාළ බෝට්ටුවෙන් පැය 10කට අධික ගමනකින් අනතුරුව ඉන්දියාවට ළඟාවූ බවය.

එම බෝට්ටුවේ ගමන් කළ අනෙක් පිරිමි පුද්ගලයන් දෙදෙනාගෙන් අයෙක් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවද පොලීසිය පැවසීය.

👁️ 4,340 Views

More News..

Advertise here