Advertise here

බ්‍රිතාන්‍යයෙදී පාකිස්තානයට එරෙහිව විරෝධයක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,840 Views

එක්සත් රාජධානියේ සිටින බලුච් ඩයස්පෝරාවේ සාමාජිකයින් පිරිසක් ලන්ඩනයේ ඩව්නිං වීදියෙන් පිටත විරෝධතාවක් පවත්වා තිබේ.

ඒ පකිස්තාන ආරක්ෂක හමුදාව විසින් සිදු කරන බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම්වලට එරෙහිවයි.

යුක්තිය සඳහා වූ බලුච් හඬ ව්‍යාපාරය පවසා ඇත්තේ, විරෝධතාකරුවන් බැනර් රැගෙන ගොස් පාකිස්තාන ආරක්ෂක හමුදාවන්ට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා කරමින් සටන් පාඨ කියූ බවයි පැවසෙන්නේ.

බලෝකිස්තානයේ සිදුවෙමින් පවතින අපයෝජන සම්බන්ධයෙන් පාකිස්තානය වගකිව යුතු බව පැවසූ විරෝධතාකරුවන්, ඊට එරෙහිව හඬ නගන ලෙසයි එක්සත් රාජධානියේ රජයෙන් ඉල්ලා ඇත්තේ.

විරෝධතාකරුවන්ට අනුව බලෝකිස්තානයේ, සෙහ්රි හි සාමාන්‍ය පදිංචිකරුවන් ‘වටලෑමකට සමාන තත්වයකට’ මුහුණ දී සිටින අතර, එම ප්‍රදේශයේ හමුදා මෙහෙයුම් තීව්‍ර වී තිබෙන බව සඳහන්.

ඒ අනුව බෝම්බ ප්‍රහාරවලින් කාන්තාවන් සහ ළමයින් මිය යන බවත්, මාර්ග අවහිර කර ඇති බවත්, ඇඳිරි නීතිය පනවා ඇති බවත් ඔවුන් චෝදනා කර තිබේ.

එමඟින් ප්‍රාදේශීය ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බවත් විරෝධතාකරුවන් චෝදනා කර තිබෙන අතර විරෝධතාකරුවන් මෙම තත්ත්වය ‘ක්‍රමානුකූල ජන සංහාරයක්’ ලෙස විස්තර කර තිබේ.

ඔවුන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින් ඉල්ලා සිටියේ එම කලාපයට කරුණු සෙවීමේ මෙහෙයුම් යොමු කරන ලෙසයි.

👁️ 2,840 Views

More News..

Advertise here