Advertise here

අපරාධ රැල්ල විශාල ලෙස ඉහළ ගොස් රටේ ජාතික ආරක්ෂාව පහත වැටී තිබෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,140 Views

“වත්මන් පාලනය හමුවේ රටේ ජිවත්වන කිසිදු පුද්ගලයෙකුට ජිවිතය පිළිබඳ විශ්වාස කරන්න නොහැකි තත්ත්වයක් ඇතිවී රටේ ජාතික ආරක්ෂාව පහත වැටී තිබෙනවා” යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය. එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (23 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වූ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

ජාතික ජනබලවේග සහ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුව බලයට පත්වූවාට පසුව රටේ අපරාධ රැල්ල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම පසුගිය දිනක උසාවියක් තුළදී අපරාධවලට සම්බන්ධ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළා. ඒ වගේම මහජන දිනයදා වෙඩි ප්‍රහාරයකට ලක්ව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතාත් ඝාතනයට ලක්වුණා. ඒ වගේම රටේ ජාතික ආරක්ෂාව පහත වැටී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් හමුවේ රටේ ජිවත්වන කිසිදු පුද්ගලයෙකුට ජිවිතය පිළිබඳ විශ්වාස කරන්න නොහැකියි.

ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග වැද ජයග්‍රහණය කළ අතර ඔහු එහි සභාපති ධූරයට පත්වූයේ ඒ සඳහා පාර්ශ්ව දෙකක් අතර පැවති මතභේදාත්මක තත්ත්වයක් තුළයි. නමුත් ලසන්ත වික්‍රමසේකර මහතා ප්‍රජාතන්ත්‍රවාදීව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්වුණා. කෙසේ නමුත් ලසන්ත වික්‍රමසේකර මහතාට විවිධ අපරාධ චෝදනා තිබෙන බව ආණ්ඩු පාර්ශ්වය චෝදනා කළා. එසේ නම් ඔහු පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වුණ අවස්ථාවේ එම චෝදනා සඳහා නීතිමය පියවර ගැනීමට අවස්ථාව තිබුණා.

අද වනවිට ශ්‍රී ලංකාව අපරාධ රාජ්‍යයක් බවට පත්වී තිබෙනවා. කෙසේ නමුත් ආණ්ඩුව රටේ ඇතිවී තිබෙන අපරාධ රැල්ල මඬින්න කටයුතු නොකර රටේ සිදුවන අපරාධ හරහා රටේ අනෙකුත් ප්‍රශ්න සියල්ල වසා ගැනීමට උත්සහ දරනවා.

👁️ 3,140 Views

More News..

Advertise here