Advertise here

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය සාර්ථක තොරතුරු ලැබුණා – මහජන ආරක්ෂක අමාත්‍ය

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 5,800 Views

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් පිළිබඳ මේ වනවිට සාර්ථක තොරතුරු ලැබී ඇති බවත් ඊට සම්බන්ධ සියලුදෙනා දින දෙක තුනක් ඇතුළත අත්අඩංගුවට ගන්නා බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් “මෙම ඝාතනය ආරංචි වූ වහාම මම පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කරවිට මහතාට නියෝග දුන්නා වහාම මේ ගැන පියවර ගන්න කියලා. මේ ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් 04ක් යෙදෙව්වා. මේ වනවිට සාර්ථක තොරතුරු ලැබී තියෙනවා. දින 2ක් 3ක් ඇතුළත මේකට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගන්නවා. ඒ සඳහා නියෝගයක් ලබාදීලා තියෙනවා. ඒ ගැන තොරතුරු ලැබෙමින් තියෙනවා ” , අමාත්‍යවරයා මෙසේද කීය.

👁️ 5,800 Views

More News..

Advertise here