Advertise here

යුක්‍රේනයට වඩාත් දියුණු ප්‍රහාරක ජෙට් යානා 150ක් ස්වීඩනයෙන්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,280 Views

යුක්‍රේනයට වඩාත් දියුණු ප්‍රහාරක ජෙට් යානා 150ක් අලෙවි කිරීමට ස්වීඩනය සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නේටෝ සංවිධානයේ නව සාමාජිකයෙකු වන ස්වීඩනය යුක්‍රේනයට ප්‍රහාරක ජෙට් යානා ලබාදීම සඳහා වන ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

කෙසේ වෙතත් මෙහි පිරිවැය කොතෙක් ද යන්න සහ ලබාදෙන දිනයන් පිළිබඳ තවමත් තීරණය කර නැහැ.

නේටෝ රාජ්‍යයකින් යුක්‍රේනයට ලැබෙන විශාලතම ප්‍රහාරක ජෙට්යානා සංඛ්‍යාව මෙය වනු ඇති.

රුසියාවට එරෙහි සටනේදී යුක්‍රේනයට පමණක් නොව සමස්ත නේටෝවටම වැඩි ගුවන් සටන් හැකියාවක් අවශ්‍ය බවයි යුක්‍රේන සහ ස්වීඩන නායකයින් පවසා ඇත්තේ.

👁️ 4,280 Views

More News..

Advertise here