Advertise here

සියලු මන්ත්‍රීවරියන් අද රෝස පැහැති ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,480 Views

ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට සියලු මන්ත්‍රීවරියන් අද (22දා) රෝස පැහැති ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (21දා) ඉල්ලා සිටියේය.

පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අද මන්ත්‍රීවරියන්ට පැළඳීම සඳහා ලාංඡනයක් බෙදා හැරීමට කටයුතු සූදානම් කර ඇති අතර සියලු මන්ත්‍රීවරියන්ට මන්ත්‍රී පිවිසුමේදී එම ලාංඡනය ලබා දීමට කටයුතු කරන බව හෙතෙම පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

👁️ 3,480 Views

More News..

Advertise here