නව විදුලිබල (සංශෝධන) පනතේ විධිවිධානවලට අනුකූලව විදුලිබල මණ්ඩලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් පිහිටුවන රජය සතු සමාගම් හතරක් සඳහා මණ්ඩලයේ සියලු සේවකයන් අනුයුක්ත කරන බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවසීය.
ඒ සඳහා එකඟ නොවන සේවකයන්ට දැනට හඳුන්වා දී ඇති ස්වේච්ඡාවෙන් වන්දි ලබාගැනීමේ (වීආර්එස්) ක්‍රමවේදයට අනුගත විය හැකි බවද අමාත්‍යවරයා පැවසීය. කෙසේ වුවද සියලු සේවකයන් ආයතනය තුළ රඳවා ගැනීම රජයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා පැවසීය.
රජය නිල වශයෙන් ලංවිම සේවකයින්ට රජය සතු නව සමාගම් හතරකට විදුලිබල මණ්ඩලයේ සේවකයින් අනුයුක්ත කරන බව දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
👁️ 1,940 Views