Advertise here

ප්‍රංශයේ ප්‍රදේශ කිහිපයකට ටොනේඩෝවකින් හානී

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,860 Views

ප්‍රංශයේ පැරිස් අගනුවරට උතුරින් පිහිටි දිස්ත්‍රික්ක හරහා ඊයේ (20) ඇති වූ ටොනේඩෝවකින් ඉදිකිරීම් දොඹකර තුනක් පෙරළී ගොස් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

පැරීසියේ සිට කිලෝමීටර් 20 ක් පමණ ඊසාන දෙසින් පිහිටි එර්මොන්ට් ප්‍රදේශයේ හදිසියේ ඇති වූ මෙම කුණාටුවෙන් දිස්ත්‍රික්ක 10 ක් පමණ හානි සිදුවී ඇති බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ ගොඩනැගිලි ඉදිකිරීම් භූමියක සේවය කරමින් සිටි 23 හැවිරිදි සේවකයෙකු වන අතර තවත් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

එමෙන්ම තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ.

👁️ 3,860 Views

More News..

Advertise here