බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සම්බන්ධ වැටලීම්වලදී බස් රථ 2478 ක් පරීක්ෂා කොට ඒ අතරින් 360 දෙනකුට දඩ නිකුත් කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.
ඔක්තෝබර් 01 වැනිදා සිට මෙම පරීක්ෂාවන් සිදුකර තිබිණි. මුල් දින 14 තුළ දැනුවත් කිරීම් පමණක් සිදුකළ බව එම අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ මහතා පැවසීය.
මෙම දඩ නිකුත් කිරීම් අතර ප්‍රවේශපත්‍ර නිකුත් නොකළ කොන්දොස්තරවරුන් 132 දෙනකු ද ප්‍රවේශපත්‍ර නොගත් මගීන් 7 දෙනකු ද වෙනත් වැරදි සම්බන්ධයෙන් 221 දෙනකු ද වන බව හෙතෙම කීය.
ජංගම දුරකථන භාවිත කරමින් රිය පැදවීම, බලපත්‍ර නොමැතිව ධාවනය කිරීම, ව්‍යාජ බලපත්‍ර සන්තකයේ තබා ගැනීම ඇතුළු වෙනත් වැරදි රැසක් සම්බන්ධයෙන් තවත් රියැදුරන් හා කොන්දොස්තරවරුන් 221 දෙනකුට දඩ නිකුත් කර සේවය අත්හිටුවා ඔවුන් සංස්කරණ පුහුණුවකට යොමුකර ඇතැයි ද සභාපතිවරයා කීය