Advertise here

දිවයිනේ බලපා ඇති අයහපත් කාලගුණික තත්වයෙන් එක් අයෙකු මරුට , පුද්ගලයන් 396 ක් පීඩාවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,640 Views

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අධික වැසි තත්ත්වය හේතුවෙන් ඊයේ (19දා) වන විට කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක දෙකේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක පවුල් 99 කට අයත් පුද්ගලයන් 396 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අතර එක් මරණයක් ද වාර්තා වී ඇත.

අනුරාධපුර තඹුත්තේගම ප්‍රදේශයේ 57 හැවිරිදි මුදලිහාමිගේ ඉලංගරත්න නමැති අය ජල පහරකට හසුවීමෙන් මියගොස් ඇත. ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 88 කට අර්ධ හානි සිදුවී ඇති අතර ආරක්‍ෂිත ස්ථාන 01 ක පවුල් 03 ක පුද්ගලයන් 09 ක් රැඳවීමට පියවර ගෙන ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02 ක ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ද ජනතාව පීඩාවට පත්ව තිබේ.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 න් පසු වැසි හා ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැඟෙනහිර පළාතේ උදෑසන කාලයේ වැසි ඇති විය හැක.

👁️ 4,640 Views

More News..

Advertise here