Advertise here

අමෙරිකා එක්සත් ජනපදයේ දැවැන්ත විරෝධතා මාලාවක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,120 Views

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එක්සත් ජනපදයේ දැවැන්ත විරෝධතා මාලාවක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අමෙරිකාවේ නිව්යෝර්ක්, වොෂින්ටන් ඩීසි, චිකාගෝ, මියාමි සහ ලොස් ඇන්ජලීස් ඇතුළු අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රැසක මෙම විරෝධතා පවත්වා ඇති අතර ඒ සඳහා දහස් ගණන් අමෙරිකානු ජනතාව එක්ව ඇති බවත් එම මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් වන අයුරින් ජනපති ට්‍රම්ප් සිය රාජ්‍ය පාලනය ගෙන යන බවටයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ.

මේ අතර වාර්තා වනුයේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම වැඩපිළිවෙළ හේතුවෙන් ජනතාව අතර ඩොනල්ට් ට්‍රම්ප් අප්‍රසාදයට ලක් වෙමින් පවතින බවය.

👁️ 1,120 Views

More News..

Advertise here