Advertise here

විදේශ රැකියාවලට යන අයට සහනදායී මිලට ගුවන් ටිකට් පත්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,840 Views

විදේශ රැකියාවලට පිටත්ව යන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් රජයේ නව වැඩපිළිවෙළට අනුව සහනදායී මිලට ගුවන් ටිකට් පත් නිකුත් කිරීමේ කවුලුවක් 16 දා විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් නාවල පාර, නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනයේ දී විවෘත කරන ලදී.

මෙහිදී සාමාන්‍ය වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩුමිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරීම සිදුකරන අතර ලොව ඕනෑම රටක විදේශ රැකියා සඳහා පිටත්ව යන සියලු ශ්‍රමිකයන්ට මෙහිදී අඩු මිලට ගුවන් ටිකට්පත් මිලදී ගත හැකියි.

මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය බී.එස්. යාලේගම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලාල් හෙට්ටිආරච්චි, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී සේනානායක, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සාමාන්‍යාධිකාරි ප්‍රසාද් ගලප්පත්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වී සිටියහ.

👁️ 4,840 Views

More News..

Advertise here