Advertise here

සෙව්වන්දිගෙන් තවත් කරුණු රැසක් අනාවරණය ගනී

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,320 Views

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ තවත් කරුණු රැසක් අනාවරණය කර තිබෙනවා.

එහිදී ඇය සඳහන් කර ඇත්තේ තමන්ගේ පෙර පෙම්වතකු වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හරහා කෙහෙල්බද්දර පද්මේ හඳුනාගත් බවයි.

ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු බවට පැවසෙන සමිඳු දිල්ෂාන් පියුමංග නැමැත්තාව පද්මේ විසින් තමන්ට හඳුන්වාදුන් බවද ඉෂාරා විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව තමන් ඔහු සමග සමීප සබඳතාවක් පවත්වමින් ඝාතනය සඳහා මෙහෙය වූ බවද ඉෂාරා සෙව්වන්දි කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ අනාවරණය කළා.

එමෙන්ම ඒ සදහා කිසිදු මුදලක් ලබා නොගත් බව ද ඇය ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, ඉෂාරා සෙව්වන්දිට පොලිසියෙන් බේරි සැඟව සිටීමට අධාර අනුබල දුන් තුන්දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

එලෙස අත්අඩංගුවට ගත් තිදෙනා අතර පොලිස් කොස්තාපල්වරයෙක් ද වන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු අලු‍ත්ගම පොලිසියේ සේවය කරන අයෙකු වන අතර දැනට ආනාවරණ වී ඇත්තේ සංජීව ඝාතනයෙන් පසුව සෙව්වන්දි අදාළ පොලිස් නිලධාරියාගේ බිරිදගේ මව රැදී සිටින නිවසේ දින එක හමාරක කාලයක් සැඟව සිට ඇති බවයි.

ඒ අනුව අදාළ පොලිස් කොස්තාපල්වරයා සමඟ බිරිදගේ මව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම විමර්ශන කණ්ඩායමක් සෙව්වන්දි සමඟ ඊයේ දොඩංගොඩ ප්‍රදේශයට ගොස් තිබු අතර, එහිදී ඇයට රැකවරණය දුන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනා. එම පුද්ගලයා ඝාතනයෙන් පසු පළා ගිය සෙව්වන්දි ඔහුගේ නිවසේ මාස එක හමාරක පමණ කාලයක් නවාතැන් ගෙන සිට ඇති බවයි.

👁️ 1,320 Views

More News..

Advertise here