Advertise here

යතුරුපැදියක් පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථයක ගැටී මාරක අනතුරක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,500 Views

වෙන්නප්පුව අලුත් පාරේ ගොරක ගස් හන්දිය ප්‍රදේශයේදී අද (17) උදෑසන 6.30ට පමණ පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් යතුරුපැදිකරු මියගොස් ඇති අතර, යතුරුපැදියේ පිටුපස ගමන් කළ තරුණියක් හා වෑන් රථයේ රියදුරු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ, කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි පුෂ්පකුමාර ඒකනායක නමැති විශ්‍රාමික ග්‍රාම නිලධාරියෙකි.

තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, මියගිය පුද්ගලයාගේ දියණියයි.  

අනතුරට පත්වූ වෑන් රථය වෙන්නප්පුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

👁️ 2,500 Views

More News..

Advertise here