Advertise here

අගමැතිනි චීන සමූහාණ්ඩුවේ ජනාධිපති හමුවෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,480 Views

අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ චීන නිල සංචාරය අතරතුර අද (14) බීජිංහි මහජන මහා ශාලාවේ දී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති Xi Jinping හමුව තිබෙනවා.

දෙරට අතර සමාජ-ආර්ථික, සමුද්‍රීය ඇතුළු බහුපාර්ශ්වික සහයෝගීතාවන් තවදුරටත් පුළුල් කිරීම, Belt and Road ව්‍යාපෘතිය යටතේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවත් ශක්තිමත් කරගනිමින් ප්‍රධාන සංවර්ධන හවුල්කාරිත්වයන් සමග ඉදිරියට යාම ඇතුළු කරුණු රැසක් පිළිබඳ අපගේ මෙම හමුවේදී සාකච්ඡා කෙරුණා.

එලෙසම කෘෂි කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, ආරක්ෂක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ද මෙහිදී අවධානයට ලක් වුණා.

2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීමට චීනයට සංචාරය කළ අවස්ථාවේදීයි අග්‍රාමාත්‍යවරිය මෙසේ ජනපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුව ඇත්තේ.

👁️ 1,480 Views

More News..

Advertise here