Advertise here

පොරොන්දු ඉටු කළත් ආණ්ඩුවට දිගු කාලයක් බලයේ ඉන්න බැහැ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 5,160 Views

ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කළත් ඔවුනට දිගු කාලයක් බලයේ රැඳී සිටීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සමගි ජන බලවේගයේ පක්ෂ මූලස්ථානයේ ඊයේ (13දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

ආණ්ඩුව කුමන ආකාරයේ කැබිනට් සංශෝධනයක් සිදුකළත් පත්වන්නේ එකම කණ්ඩායමයි. ඒ නිසා ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය වසාගැනීමට, ජනතාව විඳින දුක නතර කරන්න හෝ ණය බර වැඩිවීම වළක්වා ගැනීමට හෝ ආණ්ඩුවට හැකියාවක් නැහැ. එහි ප්‍රතිඵල පළාත් සභා මැතිවරණයේදී දැකගන්න පුලු‍වන් වෙයි. ඒ වගේම ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන්න සූදානම් බව පෙන්වන්න උත්සහ කරනවා. නමුත් පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි ජිනිවා මානව හිමිකම් කොමිෂන් සභාවද ශ්‍රී ලංකාවට දන්වා තිබෙනවා. ඒ අනුව ආණ්ඩුවට අනිවාර්යෙන්ම පළාත් සභා මැතිවරණය පවත්වන්න සිදුවෙනවා ” වැඩිදුරටත් කතා කළ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

👁️ 5,160 Views

More News..

Advertise here