Advertise here

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව අවසන් තීරණය හෙට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,220 Views

මෙම වසරේ අවසන් කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන උපයෝගීතා කොමිසමේ අවසන් තීරණය හෙට (14) ප්‍රකාශ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා අවසන් කාර්තුව සඳහා සියයට 6.8ක විදුලි ගාස්තු වැඩිවීමක් මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර තිබුණු බවත් ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම පළාත් නවයම ආවරණය වන පරිදි සිදු කෙරුණු බවත් හෙතෙම පැවසීය.

එහිදී ඉදිරිපත් වූ අදහස් සහ යෝජනා සැලකිල්ලට ගෙන විදුලි ගාස්තු සංශෝධනය සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් හෙට (14 ) මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය ප්‍රකාශයට පත්කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

👁️ 1,220 Views

More News..

Advertise here