Advertise here

කුරුණෑගල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,860 Views

කුරුණෑගල කුඩා ගල්ගමුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වූ පැපොලේවෙල, කුඩා ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තම සහෝදරයාගේ නිවසේ තවත් පිරිසක් සමඟ මත්පැන් පානය කරමින් සිටින අතරතුර සහෝදරයා සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සහෝදරයා විසින් කඩුවකින් පහරදී අදාළ පුද්ගලයා ඝාතනය කර ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. 

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

👁️ 1,860 Views

More News..

Advertise here