Advertise here

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක් වී කටයුතු කලහොත් ජය ස්ථිරයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,580 Views

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක පක්ෂයක් ලෙස එක් වී කටයුතු කිරීම රටේ අනාගතයට සුභදායී බව කඳුරට ජනතා පෙරමුණේ නායක සහ දමිළ ප්‍රගතිශීී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් පවසනවා.

එලෙසම එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක පක්ෂයක් ලෙස එකට එක් වී කටයුතු කිරීමට ආරම්භ කර ඇති සාකච්ඡා සාර්ථක කර ගැනීමට සියලු දෙනා සහයෝගය දිය යුතු බවද එ මහතා වැඩිදුරටත් පවසනවා.

අද (12) දින හැටන් නගරයේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මන්ත්‍රීවරයා ඒ බැව් මධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ ය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වී. රාධා ක්‍රිෂ්ණන් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පසුගිය ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී වෙන් වෙන්ව කටයුතු කිරීම නිසා පක්ෂ දෙකම පරාජය වූ බවයි.

ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලදී පක්ෂ දෙකම එකට එක් වී කටයුතු කිරීම හමුවේ බලය ලබා ගැනීමට කටයුතු කළ හැකි බව ද මන්ත්‍රිවරයා කියනවා.

වතුකරයේ ජනතාව සිටින්නේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය වටා බවත්, එම පක්ෂ දෙක වතුකරයේ ජනතාවගේ සුභ සාධන කටයුතු ඉහළ නැංවීමට කටයුතු කළ බවත් රාධා ක්‍රිෂ්ණන් කියා සිටිනවා.

👁️ 1,580 Views

More News..

Advertise here