Advertise here

නාරම්මල අලහිටියාව ප්‍රදේශයේදී මාරක රිය අනතුරක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,060 Views

නාරම්මල අලහිටියාව ප්‍රදේශයේදී අද (12) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව දුරකතන කණුවක ගැටී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කළේය.

මෙම අනතුරින් ලොරි රථයේ පිටුපස ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු එම ලොරි රථයටම යටවී තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රථිකාර සඳහා නාරම්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙලෙස මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 26 හැවිරිදි සහ 29 හැවිරිදි වයස්වල පසුවන වවුනියාව සහ නෙදුන්කේනි ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයින් දෙදෙනෙකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

නාරම්මල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

👁️ 4,060 Views

More News..

Advertise here