Advertise here

දකුණු කැලිෆෝනියාවේ ජනප්‍රිය වෙරළක් ආශ්‍රිතව හෙලිකොප්ටර් අනතුරක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,060 Views

දකුණු කැලිෆෝනියාවේ ජනප්‍රිය වෙරළක් ආශ්‍රිතව පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක් අසල තිබූ ගොඩනැගිල්ලක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

ඒ හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ‍රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
 
ඉන් තිදෙනෙකුම අනතුර සිදුවන අවස්ථාව වන විට මාර්ගයේ රැඳි සිටි අය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 

එම වෙරළ ආශ්‍රිතව අද උත්සවයක් පවත්වා ඇති අතර ඒ හේතුවෙන් වෙරළ තීරය නගරයේ ජනතාවගෙන් පිරී තිබුණ බවද සඳහන් වේ.

මෙසේ අනතුරට ලක් වූ හෙලිකොප්ටරය ද එම උත්සවයට සහභාගී වීමට නියමිතව තිබූ එකක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ ය.

කෙසේවෙතත් අනතුර සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකය.

👁️ 3,060 Views

More News..

Advertise here