Advertise here

පාකිස්තානයේ පොලිස් පුහුණු මධ්‍යස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,460 Views

පාකිස්තානයේ පොලිස් පුහුණු මධ්‍යස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 6 දෙනෙකු මියගොස් තිබේ.

එහිදී ප්‍රහාරය එල්ල කිරීම සඳහා පැමිණි සටන්කාමීන් තිදෙනෙකු ද පාකිස්තාන ආරක්ෂක අංශවල ප්‍රතිප්‍රහාරවලදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම ත්‍රස්ත ප්‍රහාරය වයඹදිග පාකිස්තානයේ පොලිස් පුහුණු මධ්‍යස්ථානයකට එල්ලවී ඇති අතර දෙපාර්ශවය අතර පැය 5කට ආසන්න කාලයක් වෙඩි හුවමාරුවක් ද සිදුව ඇත.

එහි සිටි සියළු කාර්යමණ්ඩල ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති අතර ප්‍රහාරයෙන් තවත් පොලිස් නිලධාරීන් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

👁️ 3,460 Views

More News..

Advertise here