Advertise here

බ්‍රසීල ජනාධිපති හා අමෙරිකානු ජනාධිපති අතර දුරකථන සංවාදයක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,060 Views

බ්‍රසීල ජනාධිපති ලුවිස් ඉනාසියෝ ලුලා ද සිල්වා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා.

දෙරටේ නායකයින් අතර ඉතා මිත්‍රශීලීව මිනිත්තු 30ක පමණ කාලයක් දුරකථන සංවාදය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙහිදී තම රටේ නිෂ්පාදන සඳහා පනවා ඇති තීරුබදු සහ නිලධාරීන්ට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස බ්‍රසීල ජනාධිපතිවරයා අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

අමෙරිකානු ජනාධිපතිවරයා මෙම දුරකථන සංවාදය සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් ද තබා තිබෙනවා.

ඉදිරියේ දි දෙරටේ නායකයික් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට ද මෙම දුරකථන සංවාදයේදි එකඟතාව පළවී ඇති බවයි වාර්තා වන්නේ.

👁️ 3,060 Views

More News..

Advertise here