උතුර, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ඉදිරි පැය කිහිපය තුළ ගිගුරුම් සහිත වැසි සමග තද අකුණු ඇතිවිය හැකි බැවින්, අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම සෙසු ප්‍රදේශ වල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්.
බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
උතුරු, උතුරු – මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත් වල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවටයි සඳහන් වෙන්නේ.
👁️ 2,560 Views