Advertise here

කාන්තා එක්දින ලෝක කුසලානයේ ඉන්දු – පාකිස්ථාන තරගයේ ජය ඉන්දියාවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 5,060 Views

කාන්තා එක්දින ලෝක කුසලානයේ ඊයේ (05) පැවති ඉන්දු – පාකිස්ථාන කණ්ඩායම් අතර තරගය ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ ලකුණු 88කින් පාකිස්ථානය පරාජය කරමින්.

එහිදී ලකුණු 248ක පිළිතුරු ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කාන්තා කණ්ඩායමට පන්දුවාර 43ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 159ක් පමණයි.

ඊයේ තරගයේ කාසියේ වාසිය හිමිකරගත් පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 247ක් රැස් කරනු ලැබුවා.

මෙහිදී පාකිස්ථානය වෙනුවෙන් සිද්‍රා අමීන් ලකුණු 81ක්ද, නටාලියා පර්වයිස් ලකුණු 33ක්ද, සිද්‍රා නවාස් ලකුණු 14ක්ද ලෙසින් කණ්ඩායමේ ඉහළම ලකුණු කරනු ලැබුවා.

පන්දු යැවීමේදී ක්‍රාන්ති ගවුඩ් සහ දීප්ති ෂර්මා කඩුළු 03 බැගින්ද, ස්නේ රානා කඩුළු 02ක්ද ඉන්දියාව වෙනුවෙන් දවාගත්තා.

👁️ 5,060 Views

More News..

Advertise here