Advertise here

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වෙඩි තැබීමක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,320 Views

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වීදියක සිදු වූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන බව ද සඳහන් වේ.

60 හැවිරිදි පුද්ගල‍යෙකු වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පොලිස් වාහන ඇතුළු මාර්ගයේ ගමන් කළ වාහන ද ඉලක්ක කර ගනිමින් අදාළ පුද්ගලයා විසින් වෙඩි ප්‍රහාර 100කට ආසන්න සංඛ්‍යාවක් එල්ල කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

👁️ 2,320 Views

More News..

Advertise here