Advertise here

ලොරි රථයක් බස් රථ ගැටී සිදුවූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,020 Views

නාරම්මල – කුරුණෑගල මාර්ගයේ නාරම්මල නගරය ආසන්නයේදී ලොරි රථයක් ලංගම බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (05) අලුයම මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

කුරුණෑගල දෙස සිට නාරම්මල දෙසට ධාවනය වූ ලොරි රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් කටුනායක සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබුණි. 

අනතුරින් ලොරි රථයේ රියදුරු එහි ගමන් කළ පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 41, 80 හා 82 වයස් වල පසුවන පුද්ගලයින්ය.

එම ලොරි රථයේම ගමන් කල වයස අවුරුදු 40 ක කාන්තාවක්, වයස අවුරුදු 16 හා වයස අවුරුදු 09 ක දැරියන් දෙදෙනෙකු තව දුරටත් කුරුණෑගල රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටී.

බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

👁️ 1,020 Views

More News..

Advertise here