Advertise here

හිටපු රැප් ගායක කොම්බිස් ට මාස 50 ක සිර දඩුවමක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,580 Views

අමෙරිකානු හිටපු රැප් ගායකයෙකුවන 55 හැවිරිදි කොම්බ්ස් ලිංගික ජාවාරම් සහ කප්පම් ගැනීම් චෝදනාවලින් නිව්යෝර්ක් ජූරි සභිකයන් 12 දෙනෙකු විසින් (මෙම චෝදනා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබිය හැකි ඒවා විය) නිදොස් කොට නිදහස් කර තිබුණා.

කෙසේ නමුත්, ඔහුගේ හිටපු පෙම්වතියන් දෙදෙනෙකු ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා ප්‍රවාහනය කිරීමේ චෝදනාවට ඔහු වරදකරු බවට අධිකරණය ඊයේ (03) තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

විනිසුරුවරයා පවසා ඇත්තේ, කොම්බ්ස් සිදුකළ අපරාධ සහ හිටපු පෙම්වතියන්ට කළ අතවර හේතුවෙන් ඔහුට මාස 50ක සිර දඬුවමක් සහ ඩොලර් 500,000ක දඩයක් නියම කරන බවයි.

මේ අතර ඔහු මෙම දඩුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

👁️ 2,580 Views

More News..

Advertise here