කඩුගන්නාව කොළඹ ප්‍රධාන මාර්ගයේ ඌරාපොළ හන්දියේ දී ඊයේ (28) සිදුවූ අනතුරකින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තුන්වන වසරේ සිසුවෙකු එම ස්ථානයේදීම මරණයට පත්ව තිබෙනවා.
මෙලෙස අනතුරින් මියගොස් තිබෙන්නේ අරණායක පදිංචි තිවංක පියතිස්ස (24) නමැති සිසුවෙකි.
සිසුවා සිය යතුරුපැදියෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණෙමින් සිටිය දී වාහන ප්‍රවාහනය කරන කැරියර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය පවසනවා.
කැරියර් රථය පැදවූ 25 හැවිරිදි රියැදුරු කඩුගන්නාව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙන අතර. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.
👁️ 4,460 Views