Advertise here

පාකිස්තාන කණ්ඩායම සිය ත්‍යාග මුදල ඉන්දීය ප්‍රහාරයවලින් අසරණ වූ පවුල් වෙනුවෙන් පරිත්‍යාග කරයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,980 Views

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව වෙනුවෙන් හිමිවූ තරග ගාස්තුව ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාරයේ වින්දිතයින්ගේ පවුල් වෙත ලබා දීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබේ.

අදාළ ප්‍රහාරයෙන් මියගිය කුඩා ළමුන් ඇතුළු සිවිල් වැසියන් වෙනුවෙන් එම මුදල පිරිනමන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

අවසන් මහා තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී පාකිස්තාන කණ්ඩායමේ නායක සල්මන් ආගා ප්‍රකාශ කළේ තරගාවලිය තුළ ඉන්දීය කණ්ඩායමේ හැසිරීම ක්‍රිකට් ක්‍රීඩාවට ද අගෞරවයක් බවය.

ඊයේ පැවති අවසන් මහා තරගයෙන් පසු ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෙන්ම පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ද වන මොසින් නක්වි අතින් කුසලානය ලබා ගැනීම ද ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ශේප කර තිබුණි.

👁️ 3,980 Views

More News..

Advertise here