Advertise here

අමෙරිකාවේ දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 04ක් මරුට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,620 Views

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ක්‍රිස්තු දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සහ පසුව හටගත් ගින්නෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සිද්ධියෙන් තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

වෙඩි තැබීමට පැමිණි සැකකරු 40 හැවිරිදි තෝමස් ජේකබ් නම් අයෙකු වන අතර පොලීසිය සමග සිදුවූ වෙඩි තැබීමකින් සැකකරුද ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු දේවස්ථානයේ දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේදී එහි තිබූ වාහනයක් අනතුරට පත් කර පසුව වෙඩි තැබීමට පටන් ගෙන ඇති බවත් සැකකරු විසින් හිතාමතාම දේවස්ථානයේ ගින්නක් ඇති කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් වේ.

මේ අතර ඇති වූ සිද්ධියත් සමග එක්සත් ජනපදයේ ආගමික ස්ථානවල ආරක්ෂාව තර කිරීමට එක්සත් ජනපද ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

👁️ 1,620 Views

More News..

Advertise here