හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්විණි.
ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතරගම සිට කොළඹ බලා පැමිණෙන අතරවාරයේදීය.
එලෙසම තමන් සිරගත කළ අවස්ථාවේදී කළ කාර්යභාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තූතිය පළ කළේය.
එමෙන්ම කාල්ටන් නිවසට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතා සමඟ බොහෝ වේලාවක් සුහද පිළිසඳරක යෙදී සිටියා.
👁️ 660 Views