Advertise here

කොලොම්බියාවේ ජනාධිපතිගේ අමෙරිකානු වීසා බලපත්‍රය අවලංගු කෙරේ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,400 Views

කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ අමෙරිකානු වීසා බලපත්‍රය අවලංගු කිරීමට අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

නිව්යෝර්ක් නුවර පැවති පලස්තීනයට සහය දැක්වීමේ විරෝධතාවකදී ජනාධිපති පෙට්‍රෝ විසින් කරන ලද නොසැලකිලිමත් සහ ප්‍රකෝපකාරී ක්‍රියා හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ජනාධිපති පෙට්‍රෝ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා නිව්යෝර්ක් වෙත ගොස් සිටියදී, එළිමහනේ රැස්ව සිටි විරෝධතාකරුවන් අමතා අදාළ ප්‍රකාශ කර තිබුණා.

ට්‍රම්ප්ගේ විධානයන්ට කීකරු නොවිය යුතු අතර, මනුෂ්‍යත්වයේ විධානයන්ට පමණක් කීකරු විය යුතු බව ඔහු එහිදී ප්‍රකාශ කළා.

👁️ 1,400 Views

More News..

Advertise here