Advertise here

ඉන්දු – ශ්‍රී ලංකා තරගයේ සුපිරි පන්දුවාරයේ ජය ඉන්දියාවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 920 Views

2025 ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයේ අවසන් තරගය ලෙසින් ඊයේ (26) පැවති ඉන්දු – ශ්‍රී ලංකා තරගය සුපිරි පන්දුවාරයෙන් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

එහිදී මෙවර ආසියානු කුසලානයේ දැවැන්තම පිළිතුරු ඉලක්කය වූ ලකුණු 203ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 202ක් රැස් කරගැනීමත් සමග දෙපිලේම ලකුණු සංඛ්‍යාව සම වීමෙන් සුපිරි පන්දුවාරයක් කරා තරගය යොමු කෙරුණා.

සුපිරි පන්දුවාරයේදී ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදුන් අතර කඩුළු 02ක් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 02ක් පමණයි.

එම ඉලක්කය හඹා ගිය ඉන්දියා කණ්ඩායම එක් පන්දුවකින් කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 03ක් රැස් කරමින් සුපිරි පන්දුවාරය මගින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.

මින් පෙර පිළිතුරු ඉනිම ලෙසින් ලකුණු 203ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිශ්ශංක පන්දු 58කදී ලකුණු 107ක් රැස් කළ අතර, එය ඔහුගේ T20 දිවියේ පළමු ශතකය මෙන්ම, මෙවර ආසියානු කුසලානයේද පළමු ශතකය වනු ඇති.

අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ අභිෂේක් ෂර්මා දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 31කදී ලකුණු 61ක් රැස් කළ අතර, ශුබ්මන් ගිල් ලකුණු 04ක්ද, නායක සූර්යකුමාර් යාදව් ලකුණු 12ක්ද, සංජු සැම්සන් ලකුණු 39ක්ද, හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 02ක්ද, රැස් කළා.

👁️ 920 Views

More News..

Advertise here