Advertise here

තිස්සමහාරාමේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 500 Views

තිස්සමහාරාම මුතියම්මාන ප්‍රදේශයේදී ඊයේ (26) පස්වරු 05ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.

වෙඩි තැබීමෙන් අවුරුදු 58ක් වයසැති පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර බෝර 12 පතුරම් යොදන ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පලාගොස් ඇති අතර සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවද පොලීසිය සඳහන් කළේය.

වෙඩි තැබූ පුද්ගලයා සහ මියගිය තැනැත්තාගේ පුත්‍රයාගේ බිරිඳ සමග ඇති සම්බන්ධයක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇතැයිද වාර්තා වේ.

පොලීසිය පැවසුවේ මේ වන විට සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරමින් පවතින බවය.
 

👁️ 500 Views

More News..

Advertise here