Advertise here

ගාසා තීරය වෙත ඊශ්‍රායලයෙන් එල්ල වු ප්‍රහාර

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,540 Views

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු ගාසා නගරවාසීන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගාසා තීරයේ අවතැන් පවුල් රඳවාගෙන සිටි ගොඩනැගිල්ලකට සහ කුඩාරමකට ඊයේ (24) රාත්‍රීයේ එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වුණි.

මියගිය පුද්ගලයින් අතර ළමුන් සහ කාන්තාවන් ද සිටින බව වාර්තා වේ.

කෙසේවෙතත් අදාළ ප්‍රහාරයන්ට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය සඳහන් කළේ, හමාස් සටන්කාමීන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බවය.

👁️ 1,540 Views

More News..

Advertise here