Advertise here

ට්‍රම්ප් නිසා ප්‍රංශ ජනපති අමෙරිකාවේ දී මහපාරේ පයින් යයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,401 Views

අමෙරිකාවේ නිවයෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගනිමින් කළ කතාවෙන් පසුව ප්‍රංශ ජකනපති එම්මානුවෙල් මැක්‍රෝන්ට පැය බාගයක් පමණ නිව්යෝර්ක් හරහා දෙපයින් ඇවිද යාමට සිදුව තිබෙනවා.

එරට වාර්තා පවසන්නේ ඔහුගේ රථය නැවැත්වීම නිසා ඔහු මෝටර් රියෙන් පිටතට පැමිණ එතැන සිටි පොලිස් නිලධාරියකු සමග කතා කළ බවයි.

එම්මානුවෙල්ගේ රථය ඇතුළු මාර්ගයේ සියලු වාහන එම අවස්ථාවේ නවතා තිබී ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිය පෙළ පැමිණීමේ අපේක්ෂාවෙන් වීම නිසා බවට ඔහුට දැනගන්නට ලැබී තිබුණා.

එහිදී එම්මානුවෙල් විසින් දුරකතන ඇමතුමක් ගත්තේ ට්‍රම්ප්ටයි.

“ඔයාට කොහොමද? අනුමාන කරන්න? මම පාරට වෙලා බලා ඉන්නවා, මොකද සියල්ල ඔබ වෙනුවෙන් නැවතිලා තියෙන්නේ “

මැක්‍රෝන්ට වාහනයෙන් යාමට අවසර නොලැබුණු බැවින් දෙපයින් මිනිත්තු 30ක් පමණ ඇවිද යාමට සිදුවූ අතර ඇතැමුන් ඔහු සමඟ ඡායාරූප ගැනීමට අවශ්‍ය බව කියූ නිසා වරින් වර නතර වූ බව විදෙස් වාර්තාවල සඳහන් වනවා.

👁️ 1,401 Views

More News..

Advertise here