Advertise here

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,280 Views

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 12 බණ්ඩාරගම බද්දේගොඩ  ප්‍රදේශයේදී  ධාවනය වූ මෝටර් රථයක් මාර්ගය හරහා ගමන් ගත් තලගොය‍යෙකුට තිරිංග තද කිරීමත් සමඟම ඊට පිටුපසින් ධාවනය වූ සුඛෝභෝගි මගි බස් රථයක ගැටීමෙන් ඊයේ (21) අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරකට ලක්ව ඇත්තේ එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රියක සිටි කාන්තාවක සහ ඇගේ දරුවන් තිදෙනා.

එම මෝටර් රථය පදවා ඇත්තේ එම කාන්තාව විසින්. මෙම අනතුරින් රියේ සිටි කතගේ සැමියාට තුවාල සිදුවී නැහැ.

අනතුර සිදුකළ බස් රථ රියැදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

👁️ 1,280 Views

More News..

Advertise here