Advertise here

පහරදීමක් නිසා තරුණයෙකු ජිවිතක්ෂයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,840 Views

හෙම්මාතගම, බලවත්ගම ප්‍රදේශයේදී ඊයේ (20) පස්වරුවේ තියුණු ආයුධයකින් පහරදීම නිසා තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව පොලිසිය පවසන්නේ.

ප්‍රේම සම්බන්ධතාවයක් මුල්කර ගනිමින් තරුණයින් දෙදෙනෙකු අතර ආරවුල හටගෙන ඇති බවත් ඒ හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

රත්නපුර ප්‍රදේශයේ සිට පැමිණි 23 හැවිරිදි තරුණයෙකු තරුණියක හා වසර ගණනාවක් තිස්සේ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

පෙම්වතා සිය පෙම්වතිය සමග පරිගණක ක්‍රීඩාවක් හරහා 21 හැවිරිදි තරුණයෙකු සමග හිතවත් වී තිබෙන්නේ ඒ අනූවයි.

මේ අතර තරුණිය නව සම්බන්ධතාවක් ඇති කර ගැනිම මෙම මරණයට හේතු වි ඇති බවයි පරික්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ 21 හැවිරිදි හෙම්මාතගම, බලවත්ගම තරුණයා බවයි පොලිසිය පවසන්නේ.

👁️ 1,840 Views

More News..

Advertise here