කළුවාංචිකුඩි පොලිස් වසමේ කෝට්ටේකල්ලාර් ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් මියගොස් ඇති බවට කළුවාංචිකුඩි පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විර්මශන ආරම්භ කර තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වූ කෝට්ටේකල්ලාර් ප්‍රදේශයේ පදිංචිකාරියකි.
අදාළ කාන්තාව සිය නිවසෙහි තනිව ජිවත්ව සිට ඇති බව මූලික විමර්ශනවලදි අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කළුවාංචිකුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
👁️ 1,500 Views