Advertise here

සැමියාගේ පහරදීමක් නිසා බිරිඳට තුවාල – පුතා මරුට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 400 Views

ඊයේ (19) රාත්‍රියේ දේවාලේගම පොලිස් වසමේ බටුවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් ඔහුගේ බිරිඳට හා පුතාට පහරදී පුත්‍රයා ඝාතනය කර තිබේ.

බිරිඳ තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බවට දේවාලේගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කෙරුණි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වූ බටුවත්ත, හැලමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

පවුල් ආරවුලක් හේතුවෙන් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකර ඇති විමර්ශනයේදී අනාවරණය වී ඇත.

දේවාලේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

👁️ 400 Views

More News..

Advertise here