Advertise here

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා රුමේෂ් තරංග සුදුසුකම් ලබයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,000 Views

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ (Tokyo2025) අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩක රුමේෂ් තරංග සුදුසුකම් ලබා තිබෙනවා.

22 හැවිරිදි ඔහුට සිය අවසන් උත්සාහයේදී මීටර් 82.80ක් දුරට හෙල්ල විසි කරමින්, අවසන් සුදුසුකම් ලැබීමේ ස්ථානය වූ 12 වැනි ස්ථානය තහවුරු කර ගැනීමට සමත්කම් වුණා.

මේ අතර එම ඉසව්වටම සහභාගී වූ සුමේධ රණසිංහ මීටර් 81.86ක දක්ෂතාවක් දක්වමින් සමස්ත තරගායේ 15 වැනි ස්ථානයට පත් වූ අතර, අවසන් වටයට සුදුසුකම් ලැබීමට ඔහු හැකියාව ලැබුණේ නැහැ.

👁️ 2,000 Views

More News..

Advertise here