Advertise here

රිය අනතුරකින් කුඩා දැරියකට දිවි අහිමි වෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,600 Views

පෑලියගොඩ පොලිස් වසමේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රෝහණ විහාරය අසලදී කොළඹ දෙස සිට නුවර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් පදික මාරුව අසල නවතා තිබූ යතුරු පැදියක හා කාර් රථයක ගැටී ඊයේ (16) අනතුරක් සිදුව තිබුණා.

මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ කාන්තාවකගේ අතෙහි සිටි කුඩා දැරියක් සහ දරුවෙකු බරපතල තුවාල ලබා රිජ්වේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කුඩා දැරිය මියගොස් තිබෙනවා.

තවද දරුවන්ගේ මව, ත්‍රීරෝද රථයේ රියදුරු හා ත්‍රීරෝද රථයේ ගමන් කළ තවත් පුද්ගලයෙකු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.

මෙසේ මියගොස් ඇත්තේ, කැළණිය ප්‍රදේශයේ පට්ටිය හන්දිය, පදිංචි වයස මාස 03 දින 23ක් වූ දැරියක්ය.

මෘත ශරීරය කොළඹ රිජ්වේ ළමා රොහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

👁️ 1,600 Views

More News..

Advertise here