පාකිස්තානයේ ජාතික හා මහජන ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් එරට රජය විසින් සංශෝධනය කරනු ලැබූ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට ජනාධිපති අසිෆ් අලි සර්දාර් අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මීට පෙර පැවැති 1997 ත්‍රස්ත විරෝධී පනත යටතේ අවලංගු කළ රෙගුලාසි නැවත බලාත්මක කිරීම සඳහා යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු මාසයේදී එරට ජාතික සහාව සහ සෙනෙට් සභාව විසින් සම්මත කරනු ලැබූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
ත්‍රස්ත ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා පනත සංශෝධන කළ බව රජය ප්‍රකාශ කළද, එම පනත මේ වන විට රට අභ්‍යන්තරයේ සහ ජාත්‍යන්තරයේ දැඩි විවේචනයට ලක්වී ඇති අතර, නව නීති රෙගුලාසි මඟින් පුද්ගලයන් රඳවා තබා ගැනීමේ බලතල ඉතා බරපතළ ලෙස පුළුල් කර ඇති බවයි.
නව පනත මඟින් විධිමත් චෝදනාවකින් තොරව පුද්ගලයන් මාස 3ක කාලසීමාවකට රඳවා තබා ගැනීමට අවසර ලැබී බවටත්, සිවිල් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී වගවීම මිලිටරිකරණයට ලක් කර ඇති බවටත් විපක්ෂය සහ විචාරකයන් චෝදනා එල්ල කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.