Advertise here

සංවර්ධන නිලධාරිනියක ගේ මළ සිරුර මහවැලි ගඟේ පාවෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,220 Views

දෙල්තොට ප්‍රදේශයේ පදිංචි සංවර්ධන නිලධාරිනියක ගේ මළ සිරුර පේරාදෙණිය ගැටඹේ පාළම අසළ මහවැලි ගඟේ පාවෙමින් තිබිය දී පොලීසිය අද (16) සොයාගෙන තිබෙනවා.

මියගිය සංවර්ධන නිලධාරිනියගේ බවට සැක කරන ගමන් බෑගයක් ඊයේ (15) රාත්‍රියේ පාලම අසළ තිබී සොයා ගත් බව පොලීසිය පවසනවා.

අදාළ කාන්තාව අවිවාහක තැනැත්තියක බව ද පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

මහනුවර අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා සිද්ධිය වූ  ස්ථානයට පැමිණ මෘත දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ අතර මෙය ඝාතනයක්ද නැත්නම් සියදිවි නසා ගැනීමක්ද යන්න පිළිබඳව සොයා  පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

👁️ 2,220 Views

More News..

Advertise here