Advertise here

පුරාවස්තු කැණීම් කරමින් සිටි 08 දෙනකු අත්අඩංගුවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 560 Views

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 08 දෙනකු කැණීම් උපකරණ හා පූජා භාණ්ඩ ද සමඟ ගලේවෙල සහ බණ්ඩාරදූව ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා.

ඊයේ (14) සවස ගලේවෙල පොලිස් වසමේ මාදිපොල ප්‍රදේශයේදී සැකකරුවන් 07 දෙනකු නිදන් හාරමින් සිටින බවට ගලේවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

සැකකරුවන් අවුරුදු 28 ත් 58 ත් අතර වයස්වල පසුවන මාදිපොල, වැලිකන්ද, මිල්ලවාන, දම්මින්න හා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල පදිංචිකරුවන්. 

ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

👁️ 560 Views

More News..

Advertise here