ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මූලික වටයේ එක්වන දෙවන තරගය හොංකොං කණ්ඩායම සමගින් අද (15) පැවැත්වෙයි.
එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණි.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා හොංකොං කණ්ඩායමට ආරාධනා කර තිබේ.
ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එකිනෙකා හමුවන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
කෙසේවෙතත් මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් බංග්ලාදේශය හමුවේ කඩුලු 6කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.
👁️ 580 Views