Advertise here

සීගිරි කැඩපත් පවුරට හානි කළ තරුණිය රිමාන්ඩ්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,740 Views

ලෝක උරුමයක් වූ සීගිරි කැඩපත් පවුරට හානි වන ලෙස කුරුටු ගෑ තරුණිය ලබන 26 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

අදාළ තරුණිය අද (15) දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය කර තිබේ.

සීගිරියේ කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් ඉංග්‍රීසි අකුරු හයක් ලියු බවට සැකකපිට මෙම තරුණිය ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබුණි. 

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක තරුණියක් වන ඇය තවත් කිහිප දෙනෙකු සමග සීගිරිය නැරඹීමට පැමිණි අවස්ථාවේ දී මෙම ක්‍රියාව සිදුකර තිබුණි.

👁️ 2,740 Views

More News..

Advertise here