Advertise here

නේපාලයේ ඇඳිරි නීතිය ඉවත් කෙරේ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 400 Views

නේපාලයේ පැවති විරෝධතා හේතුවෙන් දින 5ක කාලයක් පුරා ක්‍රියාත්මකව තිබූ ඇඳිරි නීතිය අද (13) උදෑසන සිට ඉවත්කිරීමට පියවර ගත් බව එරට හමුදා ප්‍රකාශකවරයා පවසා ඇත.

ඒ අනුව අද දිනයේ කත්මන්ඩු අගනුවර ඇතුළු ප්‍රදේශවල වෙළඳසැල්, සාප්පු සංකීර්ණ යනාදිය විවෘත කර ඇති අතර, දෛනික ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊයේ (12) නේපාල අග්‍රමාත්‍ය ධුරය සඳහා එරට හිටපු අගවිනිසුරුවරියක වන සුශිලා කාර්කි පත්වීම රට මෙලෙස යථා තත්ත්වවයට පත්වීමට හේතු වී ඇත.

එය පාලනය කිරීමට ඇඳිරි නීතිය පැනවීය. කෙසේ නමුත් විරෝධතා අතරතුර පුද්ගලයින් 51දෙනෙකු මියගොස් තිබුණි.

👁️ 400 Views

More News..

Advertise here