Advertise here

බ්‍රසීලයේ හිටපු ජනපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක සිරදඬුවම්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,260 Views

හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක් සහ මාස තුනක සිරදඬුවමක් නියම කර තිබේ.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 05 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින්.

එහිදී විනිසුරුවරුන් සිව් දෙනෙකු ඔහු වැරදිකරු බව තීරණය කළ අතර, එක් අයෙකු ඔහු නිදහස් කිරීමට ඡන්දය ලබා දී තිබේ.

2022 මැතිවරණයෙන් ඔහුගේ වාමාංශික ප්‍රතිවාදියා වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා හමුවේ පරාජය වීමෙන් පසු බලයේ රැඳී සිටීම සඳහා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීම හේතුවෙන් ඔහු මෙලෙස වරදකරුකර ඇත.

👁️ 1,260 Views

More News..

Advertise here